කොළඹ නගරය තුළ බත් පැකට් ඇතුළු ඇසුරුම් කරන ලද ආහාරවල මිල ගණන් රුපියල් 20ත්, 30ත් අතර ප්‍රමාණයකින් ඊයේ (08දා) සිට ඉහළ ගොස් ඇතැයි 'අ'ට වාර්තා වේ.
මේ හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවට පත්ව ඇති බව දක්නට ලැබෙන අතර, මිල වැඩි වීම සම්බන්ධයෙන් ඇතැම් වෙළෙන්දන්ගෙන් සිදුකළ විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ පොලිතින් තහනමත් සමග ඇසුරුම් කරන ලද ආහාරවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ සිය ව්‍යාපාර කරගෙන යෑමද අසීරු වී ඇතැයි ඔවුහු පවසා සිටියහ.
මෙම මිල වැඩි වීම පිළිබඳ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාද තහවුරු කළ අතර, ඔහු සඳහන් කර සිටියේ කොළඹ නගරය හා ඒ ආශ්රිත තදාසන්න ප්‍රදේශවල %ලන්ච් ෂීට්^ මිලියන 06ක් පමණ දෛනිකව භාවිත වන බවයි.
එය රටේ සමස්ත ලන්ච් ෂීට් භාවිතයෙන් හරි අඩක් වන බවද පෙන්වා දුන් ඒ මහතා, පොලිතින් තහනම හේතුවෙන් ආහාර පැකැට්ටුවක් සඳහා අතිරේක වශයෙන් රුපියල් 9.50ක පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිදපවසා සිටියේය.