බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වශයෙන් කටයුතු කරන එජාපයේ සචිත්තානන්දන් සුරේන් කන්නා මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්ව තිබේ.
ශ්‍රීලනිප ජාතික සංවිධායක ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බණ්ඩාරවෙල ප්‍රා. සභා එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක සුරේන් කන්නා මහතා ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගනිමින් ආණ්ඩු පක්ෂයට සහාය දැක්වීමට එක්වී ඇති අතර, 2015 ජනාධිපතිවරණයෙන් සන්ධාන ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා කැපවන බව පවසා ඇති බව කියැවෙයි.