දැනට සත්ව නිෂ්පාදනයට අවශ්‍ය ඉලක්කගත දේශීය බඩඉරිඟු සැපයුම වෙළෙඳ පොළට නොලැබීම මත, සත්ව ආහාර කර්මාන්තය මුහුණ පා ඇති අවදානම සැලකිල්ලට ගෙන බඩඉරිඟු සහ ඊට ආදේශකයක් වන සෝගම් ආනයනයේදී අය කෙරෙන සියලු බදු ඉවත් කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එසේ ඉවත්කළ සියලු බදු වෙනුවට 10% ක විශේෂ වෙළෙඳ බද්දක් පැනවීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව, බඩඉරිඟු සහ සෝගම් සඳහා පැවති සියලු බදු ඉවත් කර ඒ වෙනුවට කිලෝ ග්‍රෑමයකට පැනවෙන 10% ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (11දා) සිට මාස 2ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බවද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.