කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ,මිහිසරු වියමන සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, වශයෙන් නම් කිරීම සහ අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ ,බටහිර කසළ විදුලියට, ව්‍යාපෘතියට මුල් ගල් තැබීම අද (17දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
"පුනරුදය" පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට අනුව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ෆෙයාවේ වෙස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.
කරදියාන කසළ කළමනාකරණ අංගණයට දිනකට එක්වන කසළ ප්‍රමාණය ඉතා විශාල වන අතර මෙම ව්‍යාපෘතිය සමග ඉන් මෙට්‍රික් ටොන් 500ක ප්‍රමාණයක් බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ හැකියාව උදා වේ.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් උත්පාදනය කරන විදුලිය නිවාස 37,500කට ප්‍රමාණවත් වන අතර මෙමගින් විදුලියට අමතරව කාබනික පොහොර නිෂ්පාදනය ද සිදු කෙරේ.
මෙම ක්‍රියාවලිය මගින් පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය සියයට 90කින් පහළ බසින අතර කුණු කසළ බැහැර කිරීම හරහා ඇති වී තිඛෙන පාරිසරික සහ සමාජමය ගැටලුවට ද තිරසාර විසඳුමක් හිමි වනු ඇත.
අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.