ජලගැල්මෙන් හා නායයාමෙන් ආපදාවට පත් ජනතාවට ආධාර රැගත් බංග්ලාදේශයේ සිට පැමිණි නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
විදුලිජනක යන්ත්‍ර, ජල පෙරන යන්ත්‍ර කාන්තා හා පිරිමි ඇඳුම් සහ කුඩාරම් එම ආධාර අතර වන බවත් අදාළ නෞකාව අද(05) දහවල් කොළඹ වරායට ළඟා වූ බවත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පැවසුවේය.