තමන්ගේ ගිණුමට මුදල් ලැබීම තමන් බලාපොරොත්තු වූ නමත් එය හැකර්කරුවන් විසින් බංග්ලාදේශයෙන් සොරකම් කරන සිය ගිණුමට බැර කළ බවට තමන් නොදන්නා බව සාලිකා පදනමේ නිර්මාතෘ මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාරිකාවක වන සාලිකා පෙරේරා පවසයි.
ඇය රොයිටර්ස් පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. බංග්ලාදේශ බැංකු පද්ධතියට ඇතුළු වූ හැකර්කරුවන් විසින් විසින් ලබාගත් මුදලින් කොටසක් ලංකාවේ සාලිකා පදනමට බැරවීම පිළිබඳව ලෝකයේ අවධානය දිනාගත් පුවතක් බවට පත්විය.
සොරකම් කළ මුදල් වලින් කොටසක් පිලිපීනයේද තිබෙන බවට වාර්තා වන හෙයින් ඒ පිළිබඳවද මේ වන විට පරීක්ෂණ පවත්වයි. එම සිද්ධිය සම්බන්ධයෙන් සාලිකා මහත්මිය ප්‍රකාශයක් කළේ පළමු වතාවට බවද රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය.
තමාට ඩොලර් මිලියන 20ක මුදල් ලැබීමට තිබුණේ ජයිකා ආයතනය මගින් බවද ඇය සඳහන් කර තිබේ.
"අපි මොනවත් වැරදි වැඩ කරන්නේ නෑ." යැයි ඇය සඳහන් කරයි.