යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට බුදු මැදුරක් ඉදිකරන ලෙස ඉල්ලා ඊයේ (27දා) සරසවියේ ස්ථාන රැසක පොස්ටර් අලවා ඇති බව සිසුහු පවසති.
යාපනය විශ්වවිද්‍යාලීය බෞද්ධ සිංහල ශිෂ්‍ය සංගමය නමින් අදාළ පෝස්ටර් අලවා ඇති නමුත් සංගමයේ නම් සඳහන්ව දැන්වීම් පති‍්‍රකා ඇලවූයේ කවුරුන්ද යන්න පිළිබඳව නොදන්නා බවද විශ්වවිද්‍යාල සිසුහු කියා සිටියහ.
මේ පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමයෙන් කළ විමසීමේදී ඔවුන් මෙම ක්‍රියාව එකහෙළාම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් සඳහන් කරන්නේ මෙය වෙනත් පාර්ශ්වයක ක්‍රියාවක් බවයි. ඊට හේතුව වශයෙන් අදාළ පොස්ටර්වල 'ටෙම්පල්' නොව ‘ටෙම්බල්’ යනුවෙන් සඳහන් වන බව ඔවුහු පෙන්වා දෙති.
සිංහල භාෂාවේදී බ යන්න ප යන්න වෙනම තිබුණත් දෙමළ භාෂාවේදී එම අක්ෂරයන් දෙකම එකක් වන හෙයින් පෝස්ටර් ඇලවීම ගැටලුවක් බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වාදෙති.