කල්පිටිය ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයෙකුගේ නිවසකට අද (16) අලූයම අත්බෝම්බ ප්රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ. මෙලෙස ප්රහාරය එල්ලවී ඇත්තේ කල්පිටිය ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්රී විරාජ් ප්රෙස්ටියන් මහතාගේ නිවසටය. අද අලූයම 12.15ට පමණ අත් බෝම්බ ප්රහාරය එල්ල වී ඇති අතර ඉන් නිවසේ ආලින්දයේදී පුපුරාගොස් තිබෙන අතර කිසිවෙකුට හෝ හානි සිදුව නොමැත.