පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තම සිරුරට ගිනිතබාගත් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද ජීවිතක්ෂයට පත්ව තිබේ.
ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලසන්ත පෙරේරා මහාගේ බිරිඳ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත .
බණ්ඩාරගම පදිංචි ඔවුන්ගේ නිවසේදී ඊයේ(25) ඇතිවූ ආරවුලක් මත සැමියා සහ බිරිඳ මෙලෙස ගිනිතබාගෙන ඇති අතර සම්බන්ධීකරණ ලේකම් වන ලසන්ත පෙරේරා මහතා මේවනවිට පානදුරේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.