පාලන මිලට වැඩියෙන් පෞද්ගලික අංශය ගෙවීමෙන් වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීමට නොහැකි වෙලා
ගොවියාට හොඳක් වුවත් පාරිභෝගිකයා අපහසුතාවට
පාලන මිල ඉක්මවා පෞද්ගලික අංශ වෙළෙඳුන් විසින් වී මිලදීගැනීම නිසා වී අලෙවි මණ්ඩලයට යල කන්නයේ වී අස්වැන්න මිලදීගැනීමට නොහැකි වී ඇති අතර, මේ නිසා ඉදිරියේදී පෞද්ගලික වෙළෙඳුන් විසින් සහල් ඒකාධිකාරියක් පවත්වාගෙන යාමේ අවදානමක් මතුව තිබේ. පෞද්ගලික අංශය විසින් පාලන මිල ඉක්මවා වී මිලදීගැනීමට කටයුතු කිරීම නිසා ගොවි ජනතාවට වාසියක් අත්වුවත්, මේ වනවිට සහල් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම නිසා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.