පෞද්ගලික අංශයේ ප්‍රසූත නිවාඩු දිගුවෙයි?
රාජ්‍ය අංශයේ මවුවරුන්ට මෙන්ම පෞද්ගලික අංශයේ හා වතු කම්කරු අංශයේ මවුවරුන්ට ප්‍රසූත නිවාඩු කාල සීමාව මාසය හයක් දක්වා රුගෙන ඒමට කැබිනට් මණ්ඩලය හා සාකච්ඡා කරන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති මවුකිරි ලබාදීමේ වැදගත්කම පිළිබඳව විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් ඇමතිවරයා ඊයේ (25දා) එසේ පැවසීය.
දැනට රාජ්‍ය සේවයේ නියතු මවුවරුන්ට මාස හයක ප්‍රසූත නිවාඩුවක් හා ඉදිරියට අවශ්‍යනම් වැටුප් රහිත නිවාඩුද ලැබේ. නමුත් වතු කම්කරු මවුවරුන්ට හා පෞද්ගලික අංශයේ රුකියාවල නියතු මවුවරුන්ට එම අවස්ථාව නොලැබේ.
“අපේ ඉලක්කය ඉදිරි අවුරුදු කිහිපයේදී මවුකිරි දීමේ ප්‍රතිශතය 92%, 96% ක් දක්වා හෝ එය අභිභවා යන ප්‍රතිශතයක් කරා ගෙනඒමයි. රාජ්‍ය සේවයේ මවුවරුන්ට දරවෙකු ලැබුණාම මාස 6ක ප්‍රසූත නිවාඩු දෙනවා. ඉදිරියටත් වැටුප් රහිත නිවාඩු දෙනවා.
නමුත් පුද්ගලික අංශයටත් වතුකරයටත් මෙසේ නිවාඩු ලැබෙන්නේ නැහැ. ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පුද්ගලික අංශයේ සහ වතු අංශයේ මාතාවන්ට එම සහනය ලබාදීම පිළිබඳව කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයි අමාත්‍යවයරා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

