පෝය දිනවලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව තමාට හැගෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අද (21දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම බියර් හා වයින් මිල සංශෝධනය කිරීම මගින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට මත්පැන් ආනයනය කිරීම අවම කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.