ගොවිජනාතාවට නිදහසේ ගොවිතැන් කිරීමට ඇති අයිතිය මේ රජයට ලබාදීමට හැකිවූ බවත්, මේනිසා පොළව රැකගෙන රටේ ජනතාවට වස විෂෙන් තොර ආහාර වේලක් ලබාදෙන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හම්බන්තොටදී පැවැති ගොවි විශ්රාම වැටුප් ප්රතිලාභ හිමි ගොවිජනතාවට විශ්රාම වැටුප් ප්රදානය කිරීමේ උත්සවයකට ඊයේ (28) සහභාගීවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පොළව රැකගන්නවා සේම ඉදිරියේදී ඇති විය හැකි නියං තත්ත්වයන්ට මුහුණ දීම සඳහාද ගොවිජනතාව ජලය රැකගැනීමට කටයුතු කළ යුතු බවත්ය.
රුපියල් එක්දහස් දෙසියපනහේ සිට රුපියල් පන්දහස දක්වා මෙවර ගොවි විශ්රාම වැටුප් ප්රතිලාභ වැඩිකර තිබෙන අතර, ඒ සඳහා මේ වසරේදී රජය රුපියල් මිලියන 1000ක මුදලක් ගොවිජනතාව එක්ලක්ෂ විසිඅටදහස් හයසිය නම දෙනෙක් සඳහා වෙන්කර තිබේ.