පොළොන්නරුවට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන පවුල් 3902කට අයත් පුද්ගලයන් 15077 දෙනෙකු අද(21දා) දහවල් වන විට පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
මේ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක තාවකාලික නවාතැන් කඳවුරු 33 ක් පිහිටුවා ඇති බවත්, පුද්ගලයන් 5586 දෙනෙකු සිටින බවත්ආපදා කළමනාකරණ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.
ලොකු කුඩා වැව් රැසක් ඊයේ දිනයේදීද වාන් දැමු අතර, පරාක්‍රම සමුද්‍රය,මින්නේරිය,ගිරිතලේ හා කවුඩුල්ල යන ජලාශ තවදුරටත් වාන් මට්ටමේ පවතී.
පල්ලියගොඩැල්ල ,මැදිරිගිරිය,පබුරාන,දිවුලාන,මානික්කම්පට්ටිය, ඕනෑගම,ගල්ලෑල්ල, කුසුම්ගම,නෙළුම්විල හා සුදුනෙළුම්ගම ඇතුළුප්‍රදේශ රැසක නිවාස ජලයෙන් යටවී තිබේ.
කොළඹ- මඩකලපුව ප්‍රධාන මාර්ගය හා පොළොන්නරුව - සෝමාවතිය සුන්ගාවිල මාර්ගය ජලයෙන් යටවී ඇති අතර, එම මාර්ග දෙක තවදුරටත් වසා දමා ඇතැයි පොලීසිය කියයි.