පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට සිදු වූ බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
එබැවින් ජලාශ අවට ජීවත්වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වා මහතා පැවසීය. මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ම විවෘත කර ඇති බවත්, කවුඩුල්ල මින්නේරිය ආදී ජලාශවලද වාන් දොරටු විවෘත කරගෙන යන බවත් හෙතෙම කියා සිටියේය.
ඡායාරූප පොළොන්නරුව තුශාර තෙන්නකෝන්