පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිස්ති‍්‍රක්කයේ ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙන් ආරම්භ කිරීමට නියමිතය. ආරණ්‍ය සේනාසනයේ පිරිවෙන් ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවැත්විණි.
පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්රමුඛ විහාරවාසී මහා සංඝරත්නයද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරිහු ද සාකච්ඡාවට එක්ව සිටියහ.
මේ අනුව ආරණ්‍ය සේනාසනයේ ඉදිරි සංවර්ධන කටයුතු ලබන මැයි මාසය වන විට ආරම්භ කරන ලෙස නිළධාරින්ට අවධාරණය ජනාධිපති සිරිසේන මහතා ඉහළ ප්රමුඛත්වයක් ලබාදෙමින් අඛණ්ඩව එම කටයුතු සොයා බලන ලෙස ද උපදෙස් දුන්නේ ය.
ආරණ්‍ය සේනාසනයේ පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ පිළිබඳ විධිමත් සැළැස්මක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත උපදෙස් දුන්නේ ය.
පිබිදෙමු පොළාන්නරුව වැඩසටහන යටතේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ඇතුළු දිස්ති‍්‍රක්කයේ තිබෙන විහාරස්ථාන 300 ක් පමණ සංවර්ධනය කිරීමට නියමිත අතර එම කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.