පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගය අද (29දා) පස්වරුවේ ගමනා ගමන කටයුතු සදහා විවෘත කළ බව පොලොන්නරුව දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
මෙම මාර්ගය ප්රවාහනයට විවෘත කළේ දින 10 කට පසුවය .
මේ අනුව අද සවස් කාලය වන විට සැහැල්ලු වහාන ගමනා ගමනය සදහා මාර්ගය භාවිතා කළ හැකි බවත් තවදුරටත් ජලයෙන් යටවී පවතින පොළොන්නරුව, සුන්ගාවිල, සෝමාවතිය පුද බිම මාර්ගය වසා තැබෙන බවත් පොළොන්නරුව දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය..