පොළොන්නරුව ඉපැරණි ථූපාරාම පිළිමගෙයි තැන්පත් කොට තිබූ පිං කැටයේ මුදල් සොරාගත් පුද්ගලයෙකු ඊයේ (22 දා) ගල් විහාර පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අනියුක්තව එහි ආරක්ෂාව සඳහා සේවයට යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බව එම පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නිශ්ශංක මල්ලපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම පිං කැටවල මුදල් අඩුව ඇති බවට පැමිණිලි ලැබී ඇති බව ගල් විහාරයේ පිහිටා ඇති පොලිස් මුර පොලේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේය.
සැකකරු මුදල් රැගෙන ගනිමින් සිටින අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද (23 දා) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.