ජනවාරි නව වන දින ස්ථීරවම ජනාධිපති වන බවත්, ඉන් පසුව පොළොන්නරුවේ සිට රාජ්ය පාලනය කරන බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (07දා) පොලොන්නරුව, දිස්ත්රික්කයේ සංවිධානය කර තිබු තරුණ හමුවකට එක්වෙමින්ය.
"මම හීනෙන්වත් හිතුවේ නෑ, පොළොන්නරුවේ තරුණයන් හමුවේ, ජනාධිපති අපේක්ෂකයෙකු විදිහට කතා කරන්න ලැබෙයි කියල. ඒ වගේම ස්ථීරවම ජයග්රහණය කරන ජනාධිපතිවරයෙක් විදිහට කතා කරන්න ලැබෙයි කියලා. දරුවනි දින දහය දොළහක කාලය තුල ලංකාවේ පැවතුන දේශපාලනය වෙනස් කරලා තියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයට මම බොහොම පැහැදිලිවම කියනවා , මා මිත්ර ජනාධිපතිතුමනි ඔබ සමග ජයග්රහණය ලබන අපේක්ෂකයා දැන් ඔබ හමුවේ සිටිනවා. ඒ වගේම දක්ෂතම පරාජිතයා කවුද කියලා ඔබ කවුරුත් දන්නවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ." යැයි පැවැසීය.