තේ, පොල්, රබර් වගාකරුවන්ට පොහොර සහනාධාර ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 1500ක් වෙන්කර තිබේ. මෙම මුදලින් රුපියල් මිලියන 900ක් වෙන්කර තිබෙන්නේ කුඩා තේවතු හිමියන්ට සහනාධාරය ලබාදීම සඳහාය. රුපියල් මිලියන 500ක් පොල්වගාකරුවන්ට සහ රුපියල් මිලියන 100ක් රබර් වගාකරුවන් සඳහා ලබාදීමටත් වෙන්කර ඇත.මේ වසරේ ජූනි 30 වන දිනට පෙර මෙම මුදල් ගොවීන්ට ලබාදීමට සැලසුම්කර තිබේ.