අයවැය තුළින් පොහොර සහනාධාරය වෙනුවට නව ක්‍රමයක් යටතේ පොහොර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළත් ලබාදුන් සහනාධාරය පෙබරවාරි 29 වැනිදා දක්වා ලබාදීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව වී වගාව සඳහා යොදන යූරියා, රතු කැට, කැට පොහොර කිලෝග්‍රෑම් 50 ක් වෙනුවෙන් අය කළ රුපියල් 350 ක මුදල පෙබරවාරි 29 වැනිදා තෙක් ක්‍රියාත්මක වේ.
අනෙකුත් වගාවන් සඳහා භාවිත කරන ඍජු පොහොර මිටියක් රුපියල් 1200 කටත්, මිශ්‍ර පොහොර මිටියක් රුපියල් 1300 කට ලබාදීමේ ක්‍රමවේදයක් පෙබරවාරි 29 වැනිදා දක්වා ලබාදීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව නව ක්‍රමය මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර, ඒ යටතේ එක් වගා කන්නයකට එක් කුඹුරු අක්කරයකට රුපියල් 5000 බැගින් ලබාදීමට සහ අතුරු භෝග වගාවන් සඳහා පොහොර ලබාදීමට යෝජනා කළ ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.
නව ක්‍රමය යටතේ වී සහ අතුරු භෝග වගාවන් සඳහා පොහොර ලබාගැනීමට ගොවි ජනතාවට යම් ආකෘති පත්‍රයක් සම්පූර්ණ කර තම පොහොර අවශ්‍යතාව දැන්විය යුතුවේ.
මෙම ආකෘති පත්‍ර පොහොර ලේකම් කාර්යාලය විසින් කෘෂි පර්යේෂණ සහ නිෂ්පාදන සහාකරවරුන් හා ගොවි සංවිධාන නියෝජිතයන් හරහා ලබාදීමට සැලසුම් කර තිබේ.
මේ අනුව මාර්තු පළමු වැනිදා සිට පොහොර කිලෝග්‍රෑම් 50 ක බෑගයක මිල රුපියල් 3000 ක මිලකටත්, රතු කැට කිලෝග්‍රෑම් 50 ක මිල රුපියල් 3350 ක් දක්වාත් කැට පොහොර මිටියක මිල රුපියල් 3400 දක්වා ඉහළ යනු ඇත.