අයවැය යෝජනා තුළින් පොහොර සහනාධාරය වෙනුවට නව ක්‍රමයක් යටතේ පොහොර ලබාදීමට තීරණයක් ගනු ලැබුවත්, වී ඇතුළු අනෙකුත් වගාවන්ට ලබාදුන් පොහොර සහනාධාරය පෙබරවාරි 29 වැනි දින දක්වා ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව පෙබරවාරි 29 වැනි දින දක්වා යූරියා, රතු කැට, කැට පොහොර කිලෝග්‍රෑම් 50 ක මිල රුපියල් 350 ක් බවත්, අනෙකුත් වගාවන් සඳහා ලබාදුන් රුපියල් 1300 කට පොහොර ලබාදීමේ සහනාධාරයත් එලෙසම පවතින බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.