පොහොර සහනාධාර සම්පූර්ණ මුදලම ජනතාවට ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (26දා) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
අයවැය විවාදයේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතා වත්මන් ආණ්ඩුව පොහොර සහනාධාරය වැඩපිළිවෙළ පිළිබඳව ඍජුව ප්රකාශ කරන ලෙස පැවසූ අතර, එහිදී නැගී සිටිමින් අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේය.
පොහොර සහනාධාරය ලබාදෙනවා නම් තමන් අයවැයට සහයෝගය ලබාදෙන බවද රංජිත් සොයිසා මන්ත්රීවරයා ප්රකාශ කළේය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ, පොහොර සහනාධාරය භාගයක් නොව සම්පූර්ණයෙන්ම ලබාදෙන බවයි.