ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා කළුතර, ගම්පහ සහ ගාල්ල දිස්ත්රික්ක වෙනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කළ බව එම පක්ෂයේ ප්රකාශකයෙක් පැවසීය.
මේ අතර හෙට දිනයේදී කොළඹ, පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්රික්ක සඳහා ඇපමුදල් තැන්පත් කරන බවද එම ප්රකාශකයා පවසා සිටියේය.
අද දිනයේදී ගම්පහ දිස්ත්රික්කයේ ජාඇල නගර සභාව, මිනුවන්ගොඩ නගර සභාව, වත්තල මාබෝල නගර සභාව, පෑලියගොඩ නගර සබාව, බියගම ප්රාදේශීය සභාව, වත්තල ප්රාදේශීය සභාව සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, රේණුක පෙරේරා ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.
එසේම ගාල්ල දිස්ත්රික්කයේ අම්බලන්ගොඩ නගර සභාව, හික්කඩුව නගර සභාව,නෙළුව ප්රාදේශීය සභාව, බලපිටිය ප්රාදේශීය සභාව සදහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට හිටපු ප්රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් පිරිසක් සහභාගී ව සිට ඇත.