මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර, මිහින්තලේ වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදවා ඇති බව දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩබ්ලිව්.එස්. සිසිර කුමාර මහතා පැවසීය.
විශේෂ දුම්රියට අමතරව කොළඹ සිට තලෙයිමන්නාරම අතර ධාවනය වන ශීඝ්රගාමී දුම්රියවලට මෙම කාලසීමාව තුළ දෙවැනි පන්තියේ සහ තුන්වැනි පංතියේ අලුත් මැදිරිද එක්කරන බවද සිසිර කුමාර මහතා වැඩිදුරටත් පැවසීය. දුම්රිය කාලසටහන මෙසේය