පොසොන් උත්සව රාජකාරි කටයුතු සඳහා පැමිණෙන ආරක්ෂක නිලධාරින්ට නවාතැන් පහසුකම් ලබාදිමට අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලයේ පාසල් දහතුනක් ජුනි 16 දින සිට 22 දින දක්වා වසා දමන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර සවර්ණපාලි බාලිකා විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, තන්තිරිමලේ ඥානවිමල මහා විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, මිහින්තලේ කනිෂ්ඨ විද්‍යාලය, මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය ඇතුළු පාසල් දහතුනක් මෙලෙස වසා දැමීමට නියමිතය.