පොසොන් උත්සවය නිමිත්තෙන් ලබාදෙන සියලුම දන්සල් විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
පොසොන් කලාප ආශ්‍රිතව අද (01දා) සිට ආරම්භ වන දන්සල් පරීක්ෂා කිරීම සඳහා සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා පැය 24 පුරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවා තිබෙන බවත්, වැඩි විස්තර අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පොදු දුරකථන අංකය වන 0112 635675 දුරකථන අංකයෙන් විමසීම් කරන ලෙසද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මේ දිනවල පැතිර යන රෝගී තත්ත්වයන් නිසා ජනතාව ගැවසෙන් තැන්වලට යාමේදී නිවැරදි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටී.
මීට අමතරව බීම දන්සල් ලබාදීමේදී පිරිසුදු ජලය භාවිත කරන ලෙසත්, ඒ සඳහා අයිස් භාවිත කිරීමේදී මාළු කල් තබා ගැනීම සඳහා සකස් කරන අයිස් භාවිත නොකරන ලෙසත් ඉල්ලා සිටී.
යම් ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙසද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
එච්.අයි.තුෂාර / නයිනමඩම චන්දන ප්‍රනාන්දු