අනුරාධපුර නගරයේ පොසොන් සිරිය නරඹා නැවත නිවෙස් කරා යමින් පිරිසක් රැගත් අත්ට්රැක්ටරයක් ආලංකුලම වංගුව ආසන්නයේදී අද (07දා) අලුයම බවුසරයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වූහ.
ඇළ හිඳෝගම පදිංචිආර්. සෝමාවතී (55) සහ නෙත්සර අධිකාරි (අවුරුදු 01) මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ ට්රැක්ටරයේ ගමන් ගත් දස දෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.
අත්ට්රැක්ටරයට පිටුපසින් පැමිණි බවුසර් රථය එය ඉස්සර කර යෑමට උත්සාහ කරද්දී අත්ට්රැක්ටරයේ දකුණු පස බවුසරය ගැටී ඇති බවත්, අත්ට්රැක්ටරය ආපසු හැරවී බවුසරයේ ඉදිරිපස ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අනතුරින් අත්ට්රැක්ටරය මුළුමනින්ම විනාශ වී තිබේ. බවුසරයේ පැදවූ සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.