ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යෑම සඳහා කුඩා දරුවන් සහභාගි කර ගෙන තිබූ අයුරු පොලොන්නරුවේදී දැකගත හැකිවිය.
මේ සමිබන්ධයෙන් ජාතික ළමාආරක්ෂක අධිකාරියේ සභාපතිනි නිතිඥ මාරිනි ද ලිවේරා මහත්මිය සමිබන්ධ කර ගැනිමට උත්සාහ කළත් සම්බන්ධ කරගත නොහැකි විම නිසා ජාතික ළමාආරක්ෂක අධිකාරියේ නිතී අංශයේ ප්‍රකාශකයෙක් පැවැසුවේ කිසිසෙත්ම වයස අඩු දරුවන් කුමන සේවාවක හෝ යෙදවීමට කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට නොහැකි බවයි.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම දර්ශන කැමරාවේ සටහන්විය.