පොලොන්නරුව කඳුරුවෙල ප්රදේශයේ මුදල් පොලියට දෙන පෞද්ගලික ආයතනයක මුදල් සේප්පුව ඊයේ (07 දා) රාත්රියේදී මංකොල්ල කා ඇත. මංකොල්ල කන ලද මුදල් සේප්පුවේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් තිබී ඇතැයි පොලොන්නරුව පොලිසීයේ ප්රකාශකයෙකු පැවසීය. සිද්ධිය පිළිබඳව පොලොන්නරුව පොලිසීය වැඩිදුර විමර්ශන කරයි.