වන අලි පහර දීමකින් පොලොන්නරුවේ තවත් පුද්ගලයෙකු අද (12 දා) මිය යයි. මෙසේ මිය ගොස් ඇත්තේ පොලොන්නරුව සුන්ගාවිල පරණ ගම ප්රදේශයේ පදිංචි (53) පුද්ගලයෙක් බව පුලස්තිපුර පොලිසීය කියයි.
අද අලුයම තම වෙළද සලේ සිට වැසිකිලියට යාමේදී මෙම පුද්ගලයා වන අලි ප්රහාරයට ලක්ව තිබේ. සිද්ධිය සම්බන්දයෙන් පුලස්තිපුර පොලිසීය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.