මත්කුඩු බෙදාහැරීමට සම්බන්ධ ප්රධාන පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු සමග පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (13දා) හෙරොයින් ග්රෑම් 09කට අධික ප්රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය පවසයි.ෙ
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව, බැඳිවැව ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. සැකකරුවන් සන්තකයේ තිබී හොරොයින් ග්රෑම් 08 මිලිග්රෑම් 900ක්, ජංගම දුරකථන 04ක් හා රුපියල් දහසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජාවාරමේ ප්රධාන සැකකරු නාවික හමුදාවෙන් පලාගොස් සිටින පුද්ගලයෙකු බවත්, ඔහු පොලොන්නරුවේ කුඩු රජා (බැඳිවැව සුද්දා) ලෙසද ප්රසිද්ධය. ඔහුට එරෙහිව හොරොයින් සම්බන්ධයෙන් නඩු හතරක් අධිකරණයේ විභාග වන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් විසින් ඊසිකෑෂ් ක්රමයට පොළොන්නරු, මඩකලපුව හා ත්රිකුණාමල ප්රදේශවල සිටින ගනුදෙනුකරුවන් සහ පාසල් සිසුන් වෙත හොරොයින් අලෙවි කරන බව හෙළිව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ අද (14දා) සවස පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.