මාන්කුලම් පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගෙන ගබඩා කර තිබූ නීති විරෝධී දැව තොගයක එයින් අනවසරයෙන් පිට කිරීමේ චෝදනා යටතේ එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගය පරිදි වව්නියාව නියොජ්ය පොලිස්ති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම විමර්ශනය කර තිබේ.
එසේම එම දැව තොගය සන්තකයේ තබාගෙන සිටි සිවිල් පුද්ගලයෙකුද අත්අඩංගුව ගෙන තිබේ. සිද්ධියට වගකිව යුතු පොලිස් නිලධාරියාට උපරිම විනය ක්රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.