උත්සව සමයේදී ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් රැසක් සෙවයේ යොදාව ඇතැයි පොලිස් මූලසථානය නිවේදනය කරයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්රියාත්මක වෙයි. එසේම රථවාහන තද බදය අවම කිරීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක බව පොලීසිය පවසයි.
කොළඹ නගරයේ පමණක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් 4300ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයිද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.