පොලිස් උපපරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මරණ සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.
මඩකලපුව වෙල්ලාවලි ප්රදේශයේ පදිංචි සුන්දරලිංගම් කේදීස්වරම් (28) නමැත්තෙකුට මෙසේ සිර දඬුවම් නියම විය. 2008 වසරේ ජනවාරි මස 21දාතණමල්විල සිරිනන්දන පුරදී උපපොලිස් පරීක්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චූදිතයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
මෙහිදී සියලු චෝදනාවලට විත්තිකරු වරදකරු බවට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ ගනේෂ්වරම් මහතා පෙනී සිටි අතර, රජයේ නීතිඥ යසිඳු සෙනෙවිරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
මොණරාගල සුමනසිරි ගුණතිලක