මැතිවරණයක් ප්රකාශයට පත්වීමට පැය 24 කට පෙර සහ ප්රකාශයට පත් වී පැය 24 තුළ පොලිස් නිලධාරීන් 354 දෙනෙකු මාරුකර යවා තිබෙන බව පැපරල් සංවිධානය සඳහන් කරයි.
මෙහිදී පොලිස්පතිවරයාට ඍජුවම තොරතුරු ලබාදෙන පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් 350 ක් මාරු කර යවා තිබෙන බවත්, මීට අමතරව මේ මස 21, 22 කාලය තුළදී තවත් පොලිස් නිලධාරීන් 04 දෙනෙකු මාරුකර යවා තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ අනුව ගෙවීගිය දින 21ක කාලය තුළදී පොලිස් නිලධාරීන් 504 දෙනෙකු මාරුකර යවා තිබෙන බවද ඔහු පවසා සිටියේය.