පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා ජනතාවට අසාධාරණයක් සිදුවුවහොත් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පිහිටුවා තිබෙන ජාතික පොලිස් කොමිසම අවස්ථාව උදාකර දී තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටි ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ පැමිණිලි කිරීමට අමතරව 0710 361 010 දුරකථන අංකය මගින්ද පැමිණිලි ඉදිරිපත් කිරීමට සහ අවශ්‍ය උපදෙස්, තොරතුරු ලබාගැනීමට අවස්ථාව තිබේ.
ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන මෙම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවද ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.