අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් කඩිනමින් පොලීසියට දැනුම්දීම සඳහා මහජනතාව වෙනුවෙන් දෙමළ මාධ්‍ය‘යෙනුත් ක්ෂණික ඇමතුම් සේවාවක් සකස් කරන ලෙසට අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ඉල්ලා ඇත.
යාපනය දිස්ත්‍රික්කය තුළ මෑත කාලයේ සිට වර්ධනය වෙමින් තිබෙන අපරාධ හා විවිධ කල්ලිවල අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
අපරාධ ක්‍රියා නවතා දමා මහජන සාමය ඇතිකරන ආකාරය පිළිබඳව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අතර පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදුකර ඇත.