දිවයිනේ වාර්තා වන අපරාධ තොරතුරු දෛනිකව පොලිස් ස්ථාන මට්ටමින් VAN තාක්ෂණය ඔස්සේ ලබාගෙන එක්රැස් කිරිමේ හා එම දත්ත විශ්ලේෂණය කර හදුනාගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කිරීමට අවශ්‍ය ඒකකයක් ස්ථාපිත කිරීමට පොලීසියේ අවධානය යොමුව ඇත.
අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යාංශය නමින් හැඳිනේවෙන මම ඒකකය ඇගිලි සලකුණු කාර්යාලයේ ස්ථාපිත කිරීමට නියමිතය.
සමාරම්භය එළැඹෙන 04දා අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්නත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ.