උසස් ගණකාධිකරණ ඩිප්ලෝමාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුදල් වන්දි ගෙවන ලෙසට මානව හිමිකම් කොමිසම සිදුකළ නිර්දේශ අභියෝගයට ලක් කරමින් පොලිස් නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඔක්තෝබර් 29 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහරදුන් පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 08 දෙනෙකු වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක මුදලක් ලබාදෙන ලෙසට මානව හිමිකම් කොමිසම නිර්දේශ නිකුත් කරනු ලැබිණි.
මෙම නිර්දේශ නැවත සලකා බලන ලෙස ඉල්ලා පොලිස් නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.