ඇඹිලිපිටිය සිද්ධියේදී පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් මතුවී තිබෙන බවත්, පොලීසියේ කටයුතු යම් යම් අවස්ථාවලදී ගැටලු සහගත නිසා වර්තමානයට ගැළපෙන ලෙස පොලීසිය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය නීතීඥ සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.
යහපාලනය තුළින් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව උදාවී තිබෙන බවත්, එහෙත් නීතිය ඉක්මවා කිසිවෙකුටත් කටයුතු කළ නොහැකි බවද ඒ මහතා පවසා සිටියේය.
ඇඹිලිපිටියේදී සිදුවූ සිදුවීමේදී පොලීසිය නීතිය ඉක්මවා කටයුතු කර තිබෙන බවට සිදුකරන පරීක්ෂණවලින් ඔප්පු වුවහොත් සියලුම දෙනාට නීති මගින් කටයුතු කරන බවට මිය ගිය පවුලේ පිරිස්වලට පොරොන්දු වන බවද හෙතෙම අවධාරණය කළේය.