ජනාධිපතිවරණයේ දී නිසි පරිදි රාජකාරී සිදුකිරීමට අපොහොසත් වුවහොත් පොලීසියට හා මැතිවරණ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
කොළඹ පදනම් ආයතනයේදී ඊයේ පස්වරුවේ (11දා) පැවැත්වූ මෙම විශේෂ මාධ්‍ය හමුවට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරතවන සියලුම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැමිණ සිටියහ.