පොලිස්පතිවරයා ලෙස තමා රටටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් උපරිම සේවාවක් සිදුකළ බව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා සඳහන් කළේය.
පොලිස්පති තනතුරින් විශ්‍රාම යාම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොලීසිය ජනතාවට සමීපව සේවාවක් ලබාදීමටඅවශ්ය වැඩසටහන් සහ පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් තමන්ගේ පොලිස් සේවා කාලය තුළ සිදුකළ යුතුකම ඉටු කළ බවත්ය.
පොලිස් සේවයට එක්වූයෙත් සතුටින් බවත්, පොලිස් සේවාවෙන් විශ්‍රාම යන්නෙත් සතුටින් බවද ඒමහතා සඳහන් කළේය.
අද (11දා) සවස පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවැත්වෙන පොලිස් උත්තමාචාරයෙන් පසු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස්පති තනතුරින් විශ්‍රාමයාමට නියමිතය.
ඡායාරූප - ඉසුරු පෙරේරා