චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොලිස් සමුළුවට එක්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (25දා) චීනය බලා පිටත්ව ගොස් ඇත.ඒ හේතුවෙන් පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කොට තිබේ.
පොලිස්පතිවරයා නැවැතත් එළැඹෙන 30දා දිවයිනට පැමිණිමට නියමිත අතර එදින තෙක් වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරේ වැඩබලනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.