එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අමෙරිකාවට ගොස් තිබේ.
පොලිස්පතිවරයා ඊයේ(01දා) රාත්‍රී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගොස් ඇති අතර එම සමුළුවේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වංචාකාරී සිදුවීම්, අන්තර්ජාතික අපරාද සහ ගෝලීය අපරාධ විමර්ශනය පිළිබඳව අවධාන යොමු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පොලිස්පතිවරයාගේ විදේශ ගතවීම හේතුවෙන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.
ලබන ජුනි මස 09 වන දින දක්වා අදාළ පත්වීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ