රුවන්වැල්ලේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධාකළ රුවන්වැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු හා ඔහුගේ රියදුරු එළඹන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රුවන්වැල්ල අධිකරණය නියෝග කළේය.
ප්‍රදේශීය සභා මන්ත්‍රී පද්මතිලක බණ්ඩාර හා ඔහුගේ රියදුරු බව පවසන ශවින්ද්‍ර ක්‍රිෂාන්ත යන අය සිද්ධිය සම්බන්ධයෙන් අද (09දා) රුවන්වැල්ල අධිකරණය වෙත භාර වී තිබේ.
පසුගිය පස්වැනිදා සැකකරුවන් පොලිස් නිලධාරියාගේ රාජකාරිය සඳහා බාධාකර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.