නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කළ ලොරි රථයකට පේදුරුතුඩුව ප්‍රදේශයේදී අද (09දා) පොලීසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය සඳහන් කරයි.
මේ සිදුවීමට විරෝධය පළකරමින් එම ප්‍රදේශවාසීහු පේදුරුතුඩුව පොලීසිය ඉදිරිපිට නොසන්සුන් ආකාරයෙන් හැසිරුණ බවද පොලීසිය පවසයි.
අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය විසින් මෙම වැටලීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.