ශ්‍රී ලංකා පොලීසිය විසින් සමස්ත ලංකාවම ආවරණය වන ලෙස සිදුකළ විශේෂ මෙහෙයුමකින් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් 110 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 1246ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර නාවික හමුදාවෙන් පලාගිය භටයින් 03 දෙනෙකු හා ගුවන් හමුදාවෙන් පළාගිය භටයින් හතර දෙනෙකුත් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව වරෙන්තුකරුවන් 567 දෙනෙකු හා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවන් 109 දෙනෙකුද, කංසා ළඟ තබාගත් පුද්ගලයන් 45 දෙනෙකු හා හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් 26 දෙනෙකුද, බීමත්ව රිය පැදවූ රියදුරන් 76 දෙනෙකු හා මාර්ග නීති උල්ලංඝනය කිරීම යටතේ පුද්ගලයන් 307 දෙනෙකුත් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධරීන් 11,792ක් සහභාගී කරගෙන තිබෙන අතර, සමස්ත මෙහෙයුම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් මෙහෙයවා තිබේ.
මෑත ඉතිහාසයේ සමස්ත ලංකාවම ආවරණය ලෙස සිදුකළ මෙහෙයුම මෙය බවත්, අපරාධ හා මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.