ත්රස්තවාදී ක්රියා හේතුවෙන් මියගිය පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන්ට ලබාදෙන දීමනාව ගෙවීමට විශ්රාම වැටුප් අධ්යක්ෂ ජෙනරාල්වරයා කැමැත්ත ප්රකාශ කළ බවත්, එහෙයින් හෙට (24දා) සිදුකිරීමට නියමිතව තිබූ විරෝධතාව අවසන් කළ බවත් ශ්රී ලංකා පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමයේ ලේකම් එම්.ජේ. ජයසිරි මහතා පැවැසීය.
1995 වසරින් පසු මියගිය කිසිදු නිලධාරියෙකු වෙනුවෙන් අදාළ දීමනාව නොගෙවීමත්, මේ නිසා නිලධාරීන් 1200කගේ යැපෙන්නන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් සඳහන් කරමින් යැපෙන්නන්ගේ සංගමය විරෝධතාවක් සිදුකිරීමට නියමිතව තිබිණි.