ශ්‍රී ලංකා පොලිස් යුද ආබාධිත රණවිරු සංගමයේ කටයුතු සඳහා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පොලිස් සුභසාධන ගොඩනැගිල්ල ලබානොදීමට විරෝධය පළ කරමින් එම සංගමයේ සාමාජිකයෝ අද 10දා එම ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභපති අසේල කුමාර මහතා සඳහන් කර සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිය සාමාජිකයන් විසින් පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළදී කරන ලද විරෝධතාව හේතුවෙන් කොළඹ දිසාවේ නියෝජ්‍ය පොලිස්පති පතිරණ මහතා විසින් තම සංගමයේ කටයුතු සදහා අදාළ ගොඩනැගිල්ල ලබා නොදීමට කටයුතු කර ඇති බවයි.
මෙම විරෝධතාව හේතුවෙන් අද උදෑසන කොළඹ බැස්ටියන් මාවත ප්‍රදේශයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
ඡායාරුප ඒෂාන් ප්‍රනාන්දු